බස්නාහිර පළාත් සභාවට අයත් රෝහලක් වන ගම්පහ මහ රෝහලේ යටිතල පහසුකම් හා අනෙකුත් පහසුකම් පුළුල් කිරීමට රජය කටයුතු කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි සත්මහල් ගොඩනැගිල්ල හා වායු සමීකරණ පද්ධතිය මෙන්ම දැඩි සත්කාර ඒකකය ඉතාම දියුණු තත්ත්වයට පත් කර තිබෙනවා.

එමෙන්ම පෞද්ගලික ධන පරිත්‍යාග ශීලින්ගේ සහයෝගයෙන් ඇඳන් 40කින් යුත් කොරෝනා අධි සත්කාර ඒකක දෙකක් සහ corona වාට්ටු තුනක් මේ වන විට ගම්පහ මහා රෝහල සතු වෙනවා.

එමෙන්ම දැනට ඉතාම හොඳින් රෝගීන් රැකබලා ගන්නා බවත්, විශාල රෝගීන් පිරිසක් මේ වන විටත් සුවවී පිටවී ගොස් ඇති බවත් තවත් පෞද්ගලික ධන පරිත්‍යාගශීලීන් ට හැකි නම් උදව් කරන ලෙසත් පාලන අධිකාරිය ඉල්ලා සිටිනවා.