ඇමතිවරුන් සිය වැටුප පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වුවද තමාට එසේ සිදු කිරීමට හැකියාවක් නොමැති බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක පවසා සිටියි.

ණය සඳහා තම වැටුප කැපෙන බවත් තමා ජීවත් වන්නේ තම බිරිඳගේ වැටුපෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක පවසා සිටියි.

තමන් යම් මුදලක් ලබාදීමට බලාපොරොත්තු වන බවත් තමන් බැංකුවලට ලක්ෂ 300 ක් පමණ ණය වී ඇති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.