මත්පැන් අලෙවිසල් දින දහයක් වසා දැමීමෙන් රජයට රුපියල් කෝටි 500 ක පමණ බදු ආදායමක් අහිමි වන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

සුරාසල් වසා තැබෙන එක් දිනකදී රජයට සිදුවන පාඩුව රුපියල් කෝටි පනහක් බව සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

මේ අතර රට දිනක් වසා තැබීමෙන් රජයට සිදුවන පාඩුව රුපියල් කෝටි 1500කට වැඩි බව මුදල් අමාත්‍යංශය පවසයි.