හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, අධි රුධිර පීඩනය සහ අනෙකුත් රෝගී තත්ත්වයන් හේතුවෙන් වෛද්‍ය නිර්දේශයකට අනුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.
ඔහු, අරගලකරුවන් විසින් විනාශ කළ දේශපාලන කාර්යාලය සම්බන්ධයෙන් රජයෙන් වන්දි මුදල් රු. 88.5 ලක්ෂක් ලබා ගැනීමෙන් “දූෂණය” සිදුකළ බවට චෝදනා වී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, ඔහු සැප්තැම්බර් 12 දක්වා තවදුරටත් රඳවා තබන ලෙස අධිකරණය නියෝග කර තිබේ.





