අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද දහවල් අධිකරණය හමුවේ පෙනී සිටී අතර සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

2020 මහ මැතිවරණයෙන් “අපේ ජනබල” පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබාගැනීම සඳහා එම පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබාගැනීම සම්බන්ධයෙන් උන්වහන්සේට චෝදනා එල්ලවී තිබෙනවා.