මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල.
මුදල් නෑ කියලා කියන්න බෑ. අපිට වැඩ කරගන්න තමයි නොහැකි වී තියෙන්නේ. සංචාරක ව්‍යාපාරය විශාල වශයෙන් වර්ධනය වෙලා තියෙනවා. විදේශ විනිමය ඉහල ගිහින් තියෙනවා. බදු ආදායම වැඩි වෙලා තියෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම වැඩි වෙලා තියෙනවා. ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම වැඩිවෙලා තියෙනවා. සල්ලි තියෙනවා. ගැටලුවක් නැහැ. අපිට තියෙන්නේ මේ මුදල් වලින් උපරිම ප්‍රයෝජන ගන්න.
පෙරදා මුදල් ලැබුනත් එම මුදලෙන් භාගයක්වත් ඒ වැඩේට යෙදවෙන් නැතුව ඒවා විවිධ අක්‍රමිකතා ඔස්සේ ගමන් කරපු ආකාර දකින්න තියෙනවා. ඒ හින්දා අපි එවැනි අත්තනෝමතික ක්‍රියා වලට ඉඩ තියන්නේ නැහැ.
වාරිමාර්ග අධ්‍යාක්ෂක තුමියට වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ තියෙන වැව් නඩත්තුව වගේම වාරිමාර්ග ප්‍රතිසංස්කරණ කිහිපයක්ම තියෙනවා. ඒ සියල්ලට මැදිහත් වීමට කාලයයි අවශ්‍ය වී ඇත්තේ.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මේ බව ප්‍රකාශ කර සිටියා.
වැඩිදුර විස්තර සදහා >>>>>>>>>>>