රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා.
මේ රට අරාජික තත්වයකට පත්වෙලා තියෙද්දී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත්, එවකට හිටපු රජයත් ඒ වගකීම බාරගන්න කියලා ආරාධනා කරේ සජිත් ප්‍රේමදාස මැතිතුමා, අනුර කුමාර දිසානායක මැතිතුමා ඇතුළු කණ්ඩායමකට. නමුත් ඒ වගකීම භාරගන්න. මේ සියලු දෙනා කටයුතු කළේ නැහැ. හැබැයි හැම මොහොතකදිම කිව්වේ, බලයට ආවට පස්සේ, රට සංවර්ධනය කරනවා, ජනතාව සුඛිත මුදිත කරනවා කියලා. ආසාවක් තියෙනවා හැබැයි බයයි. මොකද වගකීම් ගන්න බයයි. ඒ වගේම වැඩ බැරි ටාසන්ලා හැටියට තමයි මේ අය දැක්කේ.
ඔය රැල්ල කොයි විදියට ආවත් අවසානයේ එන්න තියෙන්නේ වෙරළට. ඉතින් ඒක නිසා වෙරළට එන කොට අපිට බලාගන්න පුළුවන් රැල්ල නිසා වෙරළ ඛාදනය වෙනවද, මේ මොකද වෙන්නේ කියන එක පිළිබඳව අපිට හොඳ අවබෝධයක් ලබා ගන්නත් පුළුවන්. මේ රටේ ජනතාවටත් ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා.
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>