කිතුල් කර්මාන්තය සංචාරක ව්‍යාපාරයට බද්ධ කිරීමට සැලසුම්. – අමාත්‍ය සමන්ත විද්‍යාරත්න – 11.09.2026

කිතුල් කර්මාන්තය නව තාක්ෂණය සහ සංචාරක ව්‍යාපාරය සමඟ බද්ධ කර සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය සමන්ත විද්‍යාරත්න අද (11) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී. කිතුල් ස්වභාවිකව වැඩෙන ශාකයක් බැවින් මෙතෙක් ක්‍රමානුකූලව වගා කිරීම සිදු නොවන බව සඳහන් කළ අමාත්‍යවරයා, කිතුල් වගා කිරීම සඳහා නව ක්‍රමවේද හඳුනා ගැනීමට...