මාතලේ දිස්ත්‍රික්කයේ සුළු අපනයන භෝග ගොවීන්ගේ නිෂ්පාදන සඳහා නව ආර්ථික මධ්‍යස්ථානයක් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය. මාතලේ සමුපකාර ග්‍රාමීය බැංකුව සතු දේපළක් ආශ්‍රිතව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ යෝජනාවක් අනුව එය ඉදිරිපත් කර ඇති බවද ඔහු සඳහන් කළේය. මෙම මධ්‍යස්ථානය...

