2026 අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට අදාළ පූර්ව අයවැය සැලසුම සහ සංවර්ධන දිශානතිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (16) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත් වුණා.
ඒ අනුව, ඉදිරි අයවැය සකස් කිරීම සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් විමසන ලද අතර, මේ වන විට අයවැය යෝජනා කැඳවීමේ චක්‍රලේඛය නිකුත් කර ඇති බවත්, අදාළ වියදම් සීමා තුළ ඒ ඒ ආයතනවලට අදාළව අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමට මේ මස 31 වන දා දක්වා කාලය ලබා දී ඇති බවත් එහිදී මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ජනාධිපතිවරයා වෙත දැනුම්දී තිබෙනවා.
ඉදිරි අයවැය සැලසුම් කිරීමේදී පවත්නා තත්වයෙන් රට ඉහළට ඔසවා තැබීම සඳහා වැදගත් වන අංශයන්ට ප්‍රමුඛතාව දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළ අතර ඒ අනුව, ඩිජිටල්කරණය, පොදු ප්‍රවාහනය බල ගැන්වීම, ග්‍රාමීය ප්‍රජාව ආර්ථිකයට දායක කර ගැනීම ආදී කරුණු මූලික කර ගත් ව්‍යාපෘති කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක එහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
