වෛද්‍ය මහේෂි විජේරත්න ජුලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග. – 08.07.2025

විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නට අයදුම් කළ ඇපය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, ඇය ජූලි 15 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. නඩුවේ අනෙක් සැකකරුවන් දෙදෙනාට නම් ඇප ලබාදීමට අධිකරණය නියෝග කළේය.