ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත මහා භාණ්ඩාගාරය විසින් ලබා දුන් ආදායම් ඉලක්කය පසුගිය වසරේදී ඉක්මවා යාමට සමත් වූ අතර එය රුපියල් මිලියන 13,100 ක බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල්පති රුවන් සත්කුමාර සඳහන් කර සිටියා.

පසුගිය වසර තුළදී ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට අදාළ විවිධ වෘත්තීන් සඳහා නව බඳවා ගැනීම් සහ ස්ථීර කිරීම් රාශියක් සිදු කළ බව තැපැල්පති රුවන් සත්කුමාර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.