යාල වනෝද්‍යානයේ 1 වන බිම් කොටසින් අක්කර 12,000ක කොටසක් යම් රහසිගත අරමුණක් සදහා යෙදවීමට රජය ක්‍රියාකරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනුයි ඔහු ඒ බව ප්‍රකාශ කලේ. එම සටහන පහතින් දැක්වේ.

යම් රහසිගත අරමුණක් වෙනුවෙන් යාල ජාතික ම් වනෝද්‍යානයේ 1 වන බිම් කොටසින් අක්කර 12,000 ක් වෙනත් කටයුත්තක් සඳහා යොදාගැනීමට රජය සැලසුම් කර ඇති බවට විශ්වාසදායක තොරතුරු තිබේ. ආකාස චෛත්‍යය දක්වා ජාතික වනෝද්‍යානය හරහා නීතිවිරෝධී මාර්ග ඉදිකිරීමට නියමිත බවද විශ්වාසදායක ආරංචි මාර්ග තහවුරු කර ඇත. මෙම නීති විරෝධී ක්‍රියාවට මා සහ සමගි ජන බලවේගය දැඩි ලෙස විරුද්ධ වන අතර ආණ්ඩුවේ මෙම පරිසර විරෝධී ප්‍රයත්නයට විරුද්ධ‌ව සියලු ප්‍රජාතන්ත්‍රවාදී සහ නීතිමය ක්‍රම භාවිතා කිරීමට අපි උත්සාහ කරමු.