රිය අනතුරු හේතුවෙන් සිදු වූ මරණ 12 ක් ඊයේ දිනයේදී වාර්තා වී තිබෙනවා.

ඒ අතරින් මරණ 08 කට අදාල රිය අනතුරු ඊයේ දිනයේදී සිදුව ඇති අතර අනෙක් සිව්දෙනා මිය ගොස් ඇත්තේ මීට දින කිහිපයකට පෙර සිදුවූ අනතුරු හේතුවෙන්.

එලෙස වාර්තා වී ඇති මරණ 12 න් 08 ක් ම යතුරුපැදිවල ගමන් ගත් පුද්ගලයින් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.