හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ලේකම් සමන් ඒකනායක, ජනාධිපති ලේකම් කාර්යාලයේ මුදල් යොදා ගනිමින් සිදුකළ විදෙස් සංචාරයක් පිළිබඳ විමර්ශනයක් සඳහා හෙට (අගෝස්තු 5) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ. මේ හා සම්බන්ධ සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා ද අද (අගෝස්තු 4) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.
