දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ඇමතිනි චන්ද්‍රාණී බණ්ඩාරට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුව සැප්තැම්බර් 23 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

2019 ජනවාරි 14 සහ 2019 ජනවාරි 31 අතර කාල සීමාව තුළදී, නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය නොකොට, එච්.එම්. චන්ද්‍රවංශ නැමැත්තෙකු වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධුරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානුකූල නොවන ආකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදු කළේ යැයි චෝදනා කරමින්, හිටපු අමාත්‍යවරියට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම අධි චෝදනා ගොනු කර තිබුණා.