චිරන්ත අමරසිංහ.

ශ්‍රී ලංකාවේ ජනතාව, දේශපාලන යන්ත්‍රණයේ සම්පූර්ණ වෙනසක් සඳහා එකතුවී ජනමතයකින් වර්තමාන රජය බලයට ගෙන එයි. පුරාතන පක්ෂ ක්‍රමවේදය පෙරළා දමා නව යුගයකට රට ගෙන යාමට උත්සාහ කරන අතර, ජාති, ආගම, කුල භේද හරහා බෙදීම් තබා රටට හානිකර වන්නේ දේශපාලන කණ්ඩායම් සහ ජාතිවාදී අන්තවාදීයන්ය. මේ රට හැර ගිය ශ්‍රී ලාංකිකයන් නැවත එමින් ආයෝජනය කිරීමට කැමති වෙද්දී, එය බාධා කිරීමටත් මේ අන්තවාදී කණ්ඩායම් කටයුතු කරයි.

ඒ පිළිබඳව, අල්ලස් දුෂණයට එරෙහිව කටයුතු කරමින් සිටින සිවිල් ක්‍රියාකාරක කාමන්ත තුෂාරගේ නාමය භාවිත කරමින් තවත් අය අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන බවත්, එයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද මේ දින ඉදිරිපත් කර ඇත. රටේ සම්පූර්ණ නව අනාගතයක් සඳහා “එක මවකගේ දරු කැල” බවට එක්වී ඉදිරියට යාම අවශ්‍ය අතර, ශ්‍රී ලංකාව හැර ගිය සියලු දෙනාට නැවත රටට එන්න සහ ආයෝජනය කිරීමට අවස්ථාව සැලසිය යුතුය. මේ සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.