“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ, පොලිසිය විසින් ඊයේ (13) දිනයේදී මත්ද්‍රව්‍ය වැටලීම් 1238 ක් සිදු කර තිබෙනවා.
එම වැටලීම්වලදී සැකකරුවන් 1164 ක් අත්අඩංගුවටද, 39 දෙනෙක් පුනරුත්ථාපනයට යොමු කළ බව පොලීසිය ප්‍රකාශ කර සිටියා.
හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා සිදු කළ වැටලීම් 442 කින් හෙරොයින් ග්‍රෑම් 648 ක් ද, අයිස් මත්ද්‍රව්‍ය සොයා සිදු කළ වැටලීම් 464 ක් අතරින් අයිස් කිලෝ 01 යි ග්‍රෑම් 436 ක් ද සොයාගෙන ඇත.
මීට අමතරව, වැටලීම් 285 කින් ගංජා කිලෝග්‍රෑම් 34 යි ග්‍රෑම් 472 ක් හා ගංජා පැළ 4283 ක්ද සොයාගෙන ඇත.






