“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ, පොලිසිය විසින් ඊයේ (22) දිනයේ මත්ද්රව්ය වැටලීම් 1025 ක් සිදු කර තිබෙනවා.
එම වැටලීම්වලදී සැකකරුවන් 1025 ක් අත්අඩංගුවට ගත් අතර 20 දෙනෙක් පුනරුත්ථාපනයට යොමු කළ බව පොලීසිය ප්රකාශ කර සිටියා.
හෙරොයින් මත්ද්රව්ය සොයා සිදු කළ වැටලීම් 343 කින් හෙරොයින් ග්රෑම් 354 ක් සොයාගෙන ඇති අතර, අයිස් මත්ද්රව්ය සොයා සිදු කළ වැටලීම් 384 ක් අතරින් අයිස් ග්රෑම් 529 ක් සොයාගෙන ඇත.
මීට අමතරව, වැටලීම් 237 කින් ගංජා කිලෝ 124 යි ග්රෑම් 282 ක් හා ගංජා පැළ 115,176 ක්ද සොයාගෙන ඇත.



