කොළඹ මහාධිකරණය නියෝග කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය ඩේසි ෆොරස්ට්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ඔක්තෝබර් 15 වැනිදා කැඳවීමටයි.
මෙම නඩුවේ චෝදනාව වන්නේ රු. මිලියන 73 ක වත්කම් හා දේපළ අයථා ලෙස අත්පත් කරගැනීමත්, එමඟින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත උල්ලංඝනය කළ බවත්ය.






