දෙවන පරපුරේ සාමාජික චේනක අබේසිංහ.

දැන් මේ ගේ ගිනි ගන්න වෙලාවේ එක විපක්ෂයේ කණ්ඩායමක් වත්ත උදලු ගානවා. හාස්යජනක කාරණාව තමයි අනිත් විපක්ෂයේ මිනිස්සු මල් හිටවනවා. හැබැයි මේ ප්‍රධාන ප්‍රශ්නය සම්බන්ධයෙන් කතා කරන් නැතුව, බලය ඉල්ලලා අරගෙන හදන්න යන රට මොකක්ද? අපේ රටේ මුදල පවා අපිට අහිමි වෙනවා නම්, අපේ භූමිය අහිමි වෙනවා නම්, ඡන්දයකින් බලය අරගෙන, ඔබ හදන්න යන රට මොකක්ද?

මේ සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මැදිහත්වීම වහාම අපිට අවශ්‍යයි. මේ මොහොතේ අපේ බලශක්තිය, සුළං බලය ඇතුළු ඒ අනෙකුත් මරමස්ථාන ටික, ඉන්දියාව විසින් බලහත්කාරයෙන් අත්පත් කරගනිමින් සිටින්නේ. හැබැයි මේ වෙනකන් පාර්ලිමේන්තුව ඇතුලේ මේ සම්බන්ධයෙන් ගිවිසුම් මොනවද කියන එක එළියට ඇවිල්ලා නැහැ.

අපේ තියෙන මිල්කෝ සමාගම ඇතුළු අනෙකුත් සම්පත් ටික, අපේ භූමිය ඉන්දියාවේ අමුල් සමාගමට දීම සම්බන්ධයෙන් අපි අහනවා. විපක්ෂ නායකවරයාගේ සහ විපක්ෂය නියෝජනය කරන ඒ නායකවරුන්ගේ මතය මොකක්ද?

දෙවන පරපුරේ සාමාජික චේනක අබේසිංහ මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>