රක්ෂිත බන්ධනාගාරගත කරන ලද හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ආරක්ෂක හේතූන් මත දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.
2022 වසරේදී අරගල භූමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගත් අතර, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව, ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඊයේ (21) නියෝග කරනු ලැබුවා.





