ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප කපා හැරීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කළේය.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් එන සතියේ සිට දැවැන්ත සටනක් ආරම්භ කරන බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුව පවසයි.

මේ අතර මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමි කිරීමේ තීරණය සම්බන්ධයෙන් එම එකමුතුව ලෝක සංවිධාන තුනකට හා අසල්වැසි ඉන්දීය රජයටත් පසුගිය සතියේ දී පැමිණිලි සිදු කළ අතර බොහෝ දෙනා සඳහන් කරන්නේ විශ්‍රාම වැටුප අහිමි වුවහොත් ඔවුන්ට ජීවත් වීමේ මගක් නැති බවයි.