රවී කුමුදේශ්

රාජ්‍ය සහ රාජ්‍ය නොවන වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා හදිස්සියේ විශාල උනන්දුවක් දක්වමින් සම්මත කිරීමට යන ත්‍රස්ත විරෝධී පනත ගෙන ඒමට හේතුවන ත්‍රස්තවාදීන් කවුරුන්ද යන්න ජාත්‍යන්තරයට ම දැන ගැනීමට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතු බවයි. තවදුරටත් ඒ මහතා පවසා සිටියේ මේ පනතට අනුව ත්‍රස්තවාදීන් වන්නේ ආණ්ඩුවට විරුද්ධව ප්‍රකාශ කරන ෆේස්බුක් පෝස්ට් දමන සාමාන්‍ය මහජනයා වන අතර ත්‍රස්තවාදීන් නොවන්නේ ජනපතිතුමා වටේ සිටින අයවළුන් සහ ජනපති තුමා පමණක් බවත් ඊටපසු ආණ්ඩුවට විරුද්ධව වචනයක් හෝ පැවසුවොත් ඔහුට සිදුවන්නේ අත්අඩංගුවට පත්වීමට බවත් ය.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>