බන්දුල ගුණවර්ධන

මාධ්‍ය වෙත අදහස් දක්වමින් බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ කොටුව දෙසට ,ගාලු මුවදොරට ,ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පෙලපාලි ගමන් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන තිබූ බවත්,මැතිවරණය ප්‍රකාශයට පත් කර නාම යෝජනා භාරදී ඇති අවස්ථාවක මැයි දින පෙලපාලිය හැර වෙන කිසිම පෙලපාලියක් කිරීමට මැතිවරණ නීතිය යටතේ අවසර නැති බවත් පොලීසිය විසින් විහාරමහාදේවි උද්‍යානයේ හා ඒ අවට ප්‍රදේශයේ නිදහසේ හැසිරීමට,රැස්වීම් පැවැත්වීමට ඉඩ ලබා දී තිබුණු බවත් ඒ කිසි නියෝගයක් නොතකා කොටුව දෙසට පෙලපාලිය ගමන් කරන්න යාමේදී එය නැවැත්වීමට අවම බලය පාවිච්චි කර ඇති බවත් එම මහතා පැවසූහ. උද්ඝෝෂණ වලදී උද්ඝෝෂකයන් ක්‍රියා කරන ආකාරය හා රජය ක්‍රියා කරන අකාරය අතර ඇති වන තත්වයන් පූර්ව අනුමාන කිරීමට නොහැකි බවත් රජය නිතරම බලය අවමව පාවිච්චි කරන ලෙසට උපදෙස් දී ඇති බවත් කලින් අවසර ලබා ගෙන අවශ්‍ය ස්ථාන වල උද්ඝෝෂණ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට කිසිම ආකාරයක බලපෑමක් නොකරන බවට රජය ප්‍රකාශයට පත් කර ඇති බවත් එම මහතා වැඩි දුරටත් පැවසූහ.

සම්පූර්ණ වීඩියෝව සඳහා >>>>>>