නීතිඥ ජානක අධිකාරි

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥ ජානක අධිකාරි මහතා පැවසුවේ රටේ ප්‍රකාශයට පත්කර ඇති මැතිවරණය සඳහා දේශපාලන අයිතිවාසිකම් තියෙන රාජ්‍ය සේවකයන් තුන් හාරදහකට වඩා සිටි අතර හැම දේශපාලන පක්ෂයකින්ම රාජ්‍ය සේවකයන් පලාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටි බවත් ඒ කාලය අතරතුර ඔවුන් වැටුප් රහිත නිවාඩු වලට හිමිකම් ලබන බවත් නමුත් රටේ ජනාධිපතිවරයා තමන්ගේ අත්තනෝමතික බලය පාවිච්චි කරමින් මැතිවරණ කොමිසමට මැතිවරණය පැවැත්වීම සඳහා අදාළ මුදල් වෙන් නොකිරීම තුළ මේ මැතිවරණය දින නියමයක් නොමැතිව කල් යන ලකුණු පෙන්වන බවත් ය.

මාර්තු නවය වනවිට ඡන්දය පවත්වයි යන බලාපොරොත්තුවෙන් නිවාඩු ලබා ගත් රාජ්‍ය සේවකයන්ට අද වන විට පඩි නොගෙවන තත්වයක් හා මේ රටේ ජීවත් වීමට නොහැකි තත්වයක් උදා කරදී ඇති බව එම මහතා වැඩි දුරටත් පැවසූහ.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>