අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන්දෙනා සහ බෑණාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද (17) අධිචෝදනා භාරදී තිබෙනවා.
ඒ අනුව, අදාළ නඩුව අද කැඳවු අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ භාරදීම සිදු කර තිබෙන බවයි සඳහන් වන්නේ.
අනතුරුව, ඔවුන් රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත්, ඉන් අනතුරුව ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටත් නියම කෙරුණු අතර, ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය භාරයට ගැනීමටත් කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න නියෝග කර තිබෙනවා.
