ජනපති

දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාද වීම වළක්වා ගනිමින් එහි ප්‍රතිලාභ නියමිත කාලය තුළ ජනතාවට ලබා දීම අදාළ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බවත් යම් සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කළ විට එය අවසන් කරන දිනය දක්වා ඉලක්කගත සැලැස්මක් ඔවුන් සතුව තිබිය යුතු බවත්ය.

පසුගිය කාලයේ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති නියමිත කාලයට අවසන් නොකිරීම සහ ඒවායේ ව්‍යාපෘති කාලය දීර්ඝ කරමින්, ඇස්තමේන්තුගත වියදම ඉහළ නැංවීම හේතුවෙන් එම ව්‍යාපෘතින්හි ප්‍රතිලාභ මෙන්ම ආයෝජනය කරන මුදලේ ප්‍රතිලාභද රටට අහිමි වු බව අවධාරණය කළ ජනාධිපතිවරයා මේ වසරේ සිට ආරම්භ කෙරෙන සියලු සංවර්ධන ව්‍යාපෘති නියමිත දිනට අවසන් කිරීමට කටයුතු කළ යුතු බවද ප්‍රකාශ කළේය

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (06) පස්වරුවේ මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මොනරාගල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි.