රාජ්‍ය සේවයේ පත්වීම් ලබාදීමේදී කිසිදු දේශපාලන හිතවත්කමක් හෝ බලපෑමක් නොමැතිව, සම්පූර්ණයෙන්ම දක්ෂතාව සහ සුදුසුකම් මත පදනම්ව පමණක් නව නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු කර ඇති බව මෙහිදී අවධාරණය කෙරේ.
පසුගිය කාලයේ මෙන් මැති ඇමතිවරුන්ගේ ලැයිස්තුවලට පත්වීම් ලබාදීමේ ක්‍රමවේදය වෙනුවට, විධිමත් සම්මුඛ පරීක්ෂණ පවත්වා ඉහළම ලකුණු ලබාගත් දක්ෂයින්ට පමණක් මෙම පත්වීම් ලබාදී ඇති බව පෙන්වා දෙන ලදී.
මැතිවරණ සමයේ පෝස්ටර් ගැසූ හෝ කැන්වසින් කළ දේශපාලන ක්‍රියාකාරීන්ට පවා පත්වීම් ලබා නොදී, කිසිදු පෞද්ගලික ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී රටේ ක්‍රමවේදය (System) වෙනස් කිරීමට කැපවූ ජනතාවගේ කැපකිරීම් හේතුවෙන් දක්ෂයින්ට මෙලෙස රැකියා හිමිව ඇති බව සිහිපත් කරන ලදී.
එබැවින් කිසිදු ආකාරයකින් අක්‍රමිකතාවලට හෝ වැරදි වැඩවලට යොමු නොවී, රට ගොඩනැගීමේ වගකීම නිසි ලෙස ඉටු කරමින් අවංකව සේවය කළ යුතු බවත්, එසේ කටයුතු කිරීමට නොහැකි නම් පත්වීම් භාර නොගෙන ඉවත් විය යුතු බවත් මෙහිදී දැඩිව අවධාරණය කෙරිණි.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>

