ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරෝධය පලකරමින් අද (08) පාර්ලිමේන්තුව අසල පැවති විරෝධතාවයකට සහභාගී වූ විරෝධතාකරුවන් 31ක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, ලංකා ගුරු සංගමය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය එම උද්ඝෝෂණය සංවිධානය කළා.