මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් බැසිල් රාජපක්ෂ මීට සුළු වේලාවකට පෙර සිය අමාත්‍යාංශයේ දී වැඩ භාරගෙන තිබේ.

බැසිල් රාජපක්ෂ අද (08) උදෑසන මුදල් කැබිනට් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.

ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ තෝරා පත්කර ගත් අතර ඒ මහතාගේ නම ඊයේ (07) ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබුණි.

කැබිනට් අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයේ දිවුරුම් දීම සිදුවිය.