බැසිල් ‍රාජපක්ෂ මහතාහට අමාත්‍ය ධූරය හිමිවූ විට තෙල් මිල අඩු කරන බවක් ඒ මහතා හෝ තමන් ප්‍රකාශ නොකළ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

එසේ යන් මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළේ නම් ඒ ඔහුගේ පෞද්ගලික මතය වන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

බැසිල් රාජපක්ෂ විසින් සහන ලබා දෙනු ඇති නමුත් ක්ෂණික නූඩ්ල්ස් ක්‍රමයට සහන ලබා දීමක් බලාපොරොත්තු නොවන ලෙසත් රාජපක්ෂවරුන් වීසින් රට නිවැරදිව මෙහෙයවනු ඇති බවට විශ්වාසය තබන ලෙසත් ඔහු ජනතාවට පවසනවා.

විරෝධතාකරුවන් ‘කාළකණ්නි’ සතුටක් ලබමින් සිටින බවත් විරෝධතා පැවැත්වීම යහපත් වුවත් පවතින කොවිඩ් වසංගතය මධ්‍යයේ එය නුසුදුසු බවත් ඒ මහතා පවසනවා.

එමෙන්ම මෑතකාලීනව මැතිවරණයක් නොපැවති හෙයින් විපක්ෂය අනවශ්‍ය ලෙස සක්‍රීයව ඇති බවත් මැතිවරණයකින් අනතුරුව එය නැතිවනු ඇති බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.