අක්කර 40 ක භූමි ප්‍රමාණයකින් යුක්ත, කොළඹ – බොරැල්ල ප්‍රදේශයේ පිහිටි වැලිකඩ බන්ධනාගාරය, මැගසින්, කොළඹ රක්ෂිත, කාන්තා යන සියලු අංශද, බන්ධනාගාර රෝහල, පුනරුත්තාපන සහ බන්ධනාගාර බුද්ධි යන ඒකක සියල්ල හොරණ, මිල්ලෑව ප්‍රදේශයට ගෙනයාමට රජය තීරණය කර තිබේ.

අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ජාවකදී බන්ධනාගාර දෙපාර්තුමේන්තුවේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් මේ බව තහවුරු කර ඇත.

රුපියල් බිලියන 30ක් වැයවන මෙම ව්‍යාපෘතිය 2024දී අවසන් කිරීමට නියමිතව තිබේ.

නව ව්‍යාපෘතිය සදහා හොරණ ප්‍රදේශයෙන් වෙන් කර ඇති ඉඩම් ප්‍රමාණය අක්කර 200 කි.