රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ සහ රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් අතර පෙරේදා (11) දින උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය.

වී සහ සහල් මිල ගණන් සම්බන්ධයෙන් මෙම වචන හුවමාරුව සිදුවූයේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යය නාමල් රාජපක්‍ෂ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී ගොවීන්ගේ ගැටලු සොයා බැලීමට පැමිණි අවස්ථාවේදීයි

වී මොල් හිමියන් ලබන අධික ලාභ සම්බන්ධයෙන් රොෂාන් රණසිංහ දැක්වූ අදහස් වලට සිරිපාල ගම්ලත් මහතා එරෙහි වීම හේතුවෙන් මෙම තත්වය ඇති වූ අතර නාමල් රාජපක්ෂ රොෂාන් රණසිංහට සන්සුන්වන ලෙස උපදෙස්දී එය සමථයකට පත්කර ඇති බවයි වාර්තා වන්නේ

ගොවි ජනතාවගේ මෙම ඉල්ලීම රජයට ඉදිරිපත්කර විසඳුමක් ලබාදෙන බව එහිදී ප්‍රකාශ කළ නාමල් රාජපක්ෂ රජය විසින් ගොවීන්ට අසාධාරණයක් නොකරන බවද ප්‍රකාශ කර සිටින ලදි.