ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කොවිඩ් රෝග මර්දනය පිළිබඳ සායනික කමිටුවේ සාමාජිකත්වයෙන් ඉවත්වී තිබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා

කමිටුව විසින් ගනු ලබන ඇතැම් තීරණවලට තමන්ට එකඟ විය නොහැකි හෙයින් තමා ඉන් ඉවත්වන බව විජේවික්‍රම මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට විද්යුත් තැපෑල ඔස්සේ යොමුකරණ ලද ලිපියක් මගින් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

රට වසා දැමීමේ තීරණය සහ එන්නත්කරණ ක්‍රියාවලිය තාක්ෂණික කමිටුව ලබාදුන් උපදෙස් අනුව සිදු නොකර දේශපාලනික හා වෙනත් අවශ්‍යතා මත සිදුකරන ලද බව ආනන්ද විජේවික්‍රම මහතා සිය ලිපිය මඟින් පෙන්වා දී තිබෙනවා.

මෙම තීරණ හේතුවෙන් අනාගතයේදී සිදුවිය හැකි ව්‍යායනයන් හට තමන්ට වගකිව නොහැකි බැවින් තාක්ෂණික කමිටුවෙන් තමන් ඉල්ලා අස්වන බවයි ආනන්ද විජේවික්‍රම මහතා දන්වා ඇත්තේ.