වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන රුපියල් ලක්ෂයට වඩා වැඩි මාසික ආදායමක් ලබන සෑම අයෙකුගෙන් ම අවම වශයෙන් 5%ක බද්දක් අය කළ යුතු බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ (සැප්.13) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා නොකළ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

ඔහු සඳහන් කළේ, එම ප්‍රකාශය වෙළෙඳ අමාත්‍යවරයාගේ පෞද්ගලික යෝජනාවක් බවය.

කිසිදු අවස්ථාවක බදු මුදල් නාස්ති වන ආකාරයේ තීරණවලට එළඹෙන්නේ නැනි බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

“මගේ මිත්‍ර බන්දුල ගුණවර්ධන ඇමතිතුමා පෞද්ගලිකව දක්වපු අදහසක් මිසක්, අවම තරමෙන් කැබිනට් මණ්ඩලයේ පත්‍රිකාවක නෙවෙයි, සාකච්ඡාවකටවත් එවැනි දෙයක් භාජනය වුණේ නැහැ. එතුමා කිසියම් හේතුවක් නිසාවෙන් එවැනි යෝජනාවක් ඉදිරිපත් කරන්න ඇති. 

අපි එතුමා අගෞරවයට පාත්‍ර කරන්න සූදානම් වෙන්නේ නැහැ. ඒක එතුමාගේ පුද්ගලික යෝජනාවක්.”