ශ්‍රී ලංකා මහ බැංකුව (17) දිනය තුළ රුපියල් බිලියන 45.95 මුදල් තොගයක් අලුතින් වෙළෙඳපොළට මුදා හැරීම හෙවත් මුද්‍රණය කර තිබේ.
අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධුරයට පත්වීමෙන් පසුව ප්‍රථම වරට මෙම මුදල් තොගය ඔහුගේ අත්සනින් යුතුව නිකුත් කර කෙරිණි.
මේ අතර ඊයේ දිනය තුළදී වාණිජ බැංකු, මහ බැංකුවෙන් රුපියල් බිලියන 28.81 ක් ණය ලබාගෙන තිබේ.