සති දෙකක කාලයකට ඇඳිරි නීතිය දාන්න

මෙරට දිනකට සිදුවන කොවිඩ් ආශ්‍රිත මරණ සංඛ්‍යාව 200 – 300 දක්වා ඉහළ යාම වළක්වා ගැනීමට තවමත් ප්‍රමාද නොමැති බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්යය සුනෙත් අගම්පොඩි මහතා පවසයි.

ඉදිරි සති දෙකකට පමණ පසු මෙරට දී දිනකට සිදුවන මරණ සංඛ්‍යාව 150 දක්වා ඉහළ යනු ඇති බව යේල් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විද්‍යාඥයෙකු ලෙස ද කටයුතු කරන මහචාර්යය සුනෙත් අගම්පොඩි මහතා BBC සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර ඇත