අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කිරීමට හිටපු ආණ්ඩුකාරවරයෙකු වන කීර්ති තෙන්නකෝන් පියවර ගෙන තිබේ. 

අදාළ පැමිණිල්ල අද (සැප්. 14) දිනය තුළ අධිකරණය හමුවේ ගොනු කිරීමට පියවර ගන්නා බවත් එතෙක් ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු මාධ්‍යයට අනාවරණය නොකරන බවත් තෙන්නකෝන්පැවසීය. 

අජිත් නිවාඩ් කබ්රාල් ඊයේ (සැප්. 13දා) සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් හා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ අතර ඉදිරි දිනයකදී ඔහු මහ බැංකු අධිපති ධූරය භාර ගැනීමට නියමිතය.