ශ්‍රී ලංකාව වෙත ආනයනය කරනු ලබන අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 623 ක් ආනයනය කිරීමේදී සියයට සියයක මුදල් තැන්පතුවක් (අමෙරිකානු ඩොලර්වලින්) සිදු කිරීමේ අවශ්‍යතා පනවා ඇති බව මහ බැංකුව නිවේදනය කරනවා.

ජංගම දුරකථන, රූපවාහිනී, ඔරලෝසු, ශීතකරණ, රබර් ටයර්, පළතුරු, වායුසමීකරණ, බීම සහ ආලේපන ඇතුළු භාණ්ඩ 623 ක් මෙයට ඇතුළත් . විනිමය අනුපාතයේ ස්ථායිතාව සහ බැංකු පද්ධතිය තුළ පවතින විනිමය ද්‍රවශීලතාවය ආරක්‍ෂා කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

රට තුළ තිබෙන ඩොලර් සංචිත තවදුරටත් ආරක්ෂා කරගැනීමට මෙම තීරණය සහය වනු ඇති බව මහ බැංකුව අපේක්ෂා කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ .

නව තීරණයට යටත්වන සම්පූර්ණ ආනයනික භාණ්ඩ ලැයිස්තුව පහතින්