ජුනි 28 වන විට අච්චු ගහන ලද මුලු මුදල් ප්‍රමාණය රු. ට්‍රිලියනය ඉක්මවන බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කලා.

ඔහු පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලය අදට දින 592ක් බවත්, ඒ කාලය තුල අච්චු ගසා ඇති මුලු මුදල් ප්‍රමාණය රුපියල් 1,128,000,000,000 ක් බවත් ය.