රුසියානු ජාතික දිනය නිමිත්තෙන් සැමරුම් උළෙලක් අමාත්‍ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන්. – 11.06.2026

ජුනි 12 වන දිනට යෙදෙන රුසියානු ජාතික දිනය නිමිත්තෙන් සැමරුම් උළෙලක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පස්වරුවේ කොළඹදී පැවත්විණි. එහිදී අදහස් දක්වමින් අමාත්‍ය උපාලි පන්නිල මහතා සඳහන් කරන ලද්දේ රුසියානු සමූහාණ්ඩුව සමග ආර්ථික, දේශපාලනික, සමාජීය හා සංස්කෘතිකවශයෙන් පවතින දිගුකාලීන මිත්‍රත්වය...