ජනපති නව වසරේදී ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගනියි. – 01.01.2026

ජනාධිපති අනුර කුමාර දිසානායක උදාවූ නව වසරට ආශීර්වාද ලබාගැනීම සඳහා අද (01) පෙරවරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගැනීමට ගොස් ඇත. අනතුරුව, උදා වූ නව වසරේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට පැමිණ සිටි ජනතාව සමගද ජනාධිපතිවරයා සුහද කතා බහක නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියා.