හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ බන්ධනාගාර රෝහලට. 23.08.2025

බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක, ජගත් වීරසිංහ මහතා පැවසුවේ, හිටපු ජනාධිපතිවරයා ඊයේ රාත්‍රියේ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන ආ බවයි. එහිදී සිදු කළ වෛද්‍ය පරීක්ෂාවෙන් අනතුරුව, රුධිර පීඩනය සහ රුධිරයේ සීනි මට්ටම ඉහළ ගොස් තිබූ බැවින් රනිල් වික්‍රමසිංහ මහතාව වෛද්‍ය උපදෙස් මත බන්ධනාගාර රෝහලට ඇතුලත් කළ බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.