හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජයේ මුදල් යොදාගෙන සිදු කළ පෞද්ගලික සංචාරයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. ඊට අමතරව, මෙම සිද්ධිය සම්බන්ධයෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරියක වූ සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන්ද ඊයේ (04) ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.