විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ආණ්ඩුව විසින් ගනු ලැබූ තෙල් මිල ඉහළ නැංවීමේ තීන්දුව සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ ලේකම්වරයා විසින් නිකුත්කොට ඇති නිවේදනය රටේ සමස්ත ජනතාවගේ ගෙල සිරකොට එහි වරද එක් අයෙකු පිට පටවා ඇති බවය. පැරණි ව්‍යවහාරයේ පවත්නා පරිදි එකක් කඩතොලූ මකාගන්නට ගොස් පොදුජන පෙරමුණේ ලේකම්වරයා කඩතොලූ රැසක්ම හදාගෙන...