ජාතික ලහිස්තුවෙන් පාර්ලිමේන්තු ආ රනිල් වික්‍රමසිංහ ( සටහන )

ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා 09 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (23) දිවුරුම් දුන්නේය. කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය. 1977 වර්ෂයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරි පත් වූ...