හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මිය ගිය එක් පුද්ගලයෙකු වෙනුවෙන් ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ 10 ක්. – 27.11.2025

අධික වර්ෂාව සමග ඇති වූ ගංවතුර සහ නායයාම් ඇතුළු හදිසි ආපදා තත්ත්වයන් හේතුවෙන් මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජනාධිපති අරමුදලට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව, මිය ගිය අයගේ ඥාතීන් වෙත මෙම මුදල් කඩිනමින් ලබාදීමට ජනාධිපති අරමුදල මගින් සැලසුම් කර...