ජනාධිපති - අනුර කුමාර දිසානායක. පොසොන් පොහොය ශ්‍රී ලංකේය අපට සුවිශේෂී වු සිදුවීම් සමුදායක් සිදු වූ වැදගත් දිනයකි. ථෙරවාද බෞද්ධ දර්ශනයේ හා සම්ප්‍රදායේ කේන්ද්‍රස්ථානයක් බවට අපේ රට පත් වීමේ ආරම්භය සනිටුහන් වුයේ අනුබුදු මිහිදු හිමියන්ගේ ලංකාගමනය සිදු වු ඒ අසිරිමත් පොසොන් පොහොය දිනයේදීය. සමාජ පරිවර්තනයක් සමඟ අධ්‍යාත්මික ප්‍රබෝධයක් ජනිත කිරීමට හේතු වූ එම අසිරිමත්...