එළඹෙන නත්තල් උත්සවය සහ අලුත් අවුරුදු උදාව සමයේ නගර ආරක්ෂාව සහ ආගමික ස්ථානයන්හි ආරක්ෂාව සඳහා විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව, මේ සඳහා පොලිස්පතිවරයා විසින් සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු දිවයිනේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත වැඩිදුරටත් උපදෙස් ලබා දී...

